Totachi අපි, ශ්‍රී ලාංකික ලිහිසි තෙල් වෙළෙඳපොලේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන සන්නාමයක්. Totachi නිෂ්පාදන මෙරටට ගෙනවා බෙදාහරින එකම නියෝජිතයා වෙන්නේ GS Lubricants.
GS Lubricants මූලිකත්වයෙන්, සමස්ත ලංකා වාහන සේවා සපයන්නන්ගේ සංගමයේ සාමාජිකයන් සඳහා තිරසාර ව්‍යාපාර සංවර්ධනය සහ ලිහිසි තෙල් තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණා.
පාරිභෝගික අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ සහයෝගීතාවයෙන් යුතුව පැවැත්වුණ මෙම වැඩසටහනට, ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ දායකත්වයෙන් පැවැත්විමට හැකි වුණා.
එහිදී, Totachi Industrial Pte Ltd හි කලාපීය විකුණුම් ප්‍රධානී Vasilii Shatalov සහ නිෂ්පාදන කළමනාකරු Evangeline Ramos විසින් Totachi Global Integrated Solution හඳුන්වා දෙමින් පවසා සිටියේ, බ්රේක් පෑඩ්, බැටරි, වයිපර් බ්ලේඩ්, වාහන උපාංග ඇතුළු අනෙකුත් Totachi නිෂ්පාදන පරාසය ශ්‍රී ලංකාව තුළ පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම, GS Lubricants හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත පෙරේරා මහතා, සභාපති සුනිල් වෙත්තසිංහ මහතා, සමස්ත ලංකා සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති පවර දසනායක මහතා, ලේකම් නිශාන්ත අමරසිංහ මහතා සහ පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් චේලක හේරත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම වැඩසටහන සහභාගී වුණා.